පූර්ව ළමාවිය සංවර්ධනය 💖
ජාත්‍යන්තර නිර්වචනවලට අනුව පූර්ව ළමාවිය යනු දරුවකු පළිසිඳගැනීමේ සිට අවුරුදු 08 දක්වා කාල පරාසයයි.(වයස අවුරුදු 0-8 දක්වා කාලයයි). නමුත් ශ්‍රී ලංකාවට අනුව පූර්ව ළමාවිය ජාතික ප්‍රතිපත්තියේ මෙම වයස අවුරුදු 0 -5 දක්වා කාල පරාසය වේ.ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය ලෙස හඳුන්වන්නේ දරුවෙකු පළිසිඳගැනීමේ සිට අවුරුදු 05 දක්වා කාල පරාසයයි.(පවුල් සෞඛ්‍ය කාර්යංශය සහ ළමා ලේකම් කාර්යාලය මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවේ.)
පුද්ගලයකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත්ම අවදිය ලෙස සැලකෙන්නේ පූර්ව ළමාවිය අවධියයි.සියලුම පුද්ගලයන්ගේ බුද්ධි සංවර්ධනයෙන් 80% ක්ම සිදු වන්නේ මෙම අවදිය තුලයි.එසේ හඳුන්වන්නේ ඕනෑම මිනිසෙකුගේ ජීවිතයේ පදනම සකස් වන්නේ මෙම අවධියේදී වීමයි. බුද්ධි සංවර්ධනය යනු මෙම අවධියේදී පංචේන්ද්‍රය හරහා ලබන අත්දැකීම් පාදක කොට ගෙන මිනිස් මොළයේ සිදුවන සෛල උත්තේජනය හරහා ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියක් වේ.
පූර්ව් ළමාවිය ප්‍රධාන අංග තුනකට බෙදා දැක්විය හැක.
01.දිවි සුරැකුම
පූර්ව ළමාවියේදී ජීවිත හානි සිදු වියහැකි අවස්ථා මගහැර ජීවිතය රැකගැනීමේ ක්‍රමවේද මෙයට ඇතුලත්වේ.නිදසුන් ලෙස,
- සෞඛ්‍ය ආරක්‍ෂිත දරු ප්‍රසූතිය
- මාතෘ නිවාඩු
- දරුවාට වයස මාස 4 දක්වා අනිවාර්යයෙන්ම මව්කිරි පමණක් ලබාදීම
- ප්‍රතිශක්තිකරණය
- සංස්කරණය
02.වර්ධනය
වර්ධනය ලෙස හදුන්වන්නේ ළමුන්ගේ උස, බර, සිරුර මෙම කාලයේදී ප්‍රමානාත්මකව දැක්විය හැකි නිසා ළමා වර්ධනය ලෙස එම ලක්ෂණවල වැඩිදියුණුවීම අදහස් කරනු ලබයි.
නමුත් සංවර්ධනය යන යෙදුමෙන් ඊට වඩා පුලුල් අර්ථයක් ගෙනදෙයි. ළමයින්ගේ ශාරීරික, මානසික, බුද්ධිමය, සමාජමය, චිත්තවේගීය යනාදි වශයෙන් දැක්විය හැකි සියලුම අංශවල සිදුවන වැඩිදියුනුව සංවර්ධනය යන යෙදුමෙන් අර්ථ ගැන්වේ.
03.මුල් ළමාවිය දරුවාගේ සමස්ථ සංවර්ධනය
- බුද්ධි සංවර්ධනය
- භාෂා සංවර්ධනය
- කායික සංවර්ධනය
- මනෝ චාලක සංවර්ධනය
- සාමාජීය සංවර්ධනය
- චිත්තවේග සංවර්ධනය
- යහජීවන පුරුදු
- නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක සංවර්ධනය
- පරිසර අවධානය
ශ්‍රී ලංකාව පූර්ව ළමාවිය සංවර්ධනයට රටක් විදිහට පෙර පාසල් සහ පාසල් ගුරුවරුන්ගේ වගකීමක් ලෙස සලකන නමුත් විශාල වගකීමක් පැවරෙනු ලබන්නේ දරුවාගේ දෙමව්පියන්ටය.මක් නිසාදයත් පූර්ව ළමාවිය යනුවෙන් අපි නිර්වචනය කරනු ලබන පිළිසිඳ ගැනීමේ සිට විධිමත් පාසලට ඇතුළත් වන තෙක් කාලසීමාව දරුවා වැඩිම කාලයක් ගත කරනු ලබන්නේ දෙමව්පියන්ගේ රැකවරණය යටතේය.එම නිසා ඉහත සඳහන් කරනු ලැබූ සියලුම කරුණුවලට දෙමාපියන්ගේ අනිවාර්‍ය්ය දායකත්වය වැදගත්වේ.
එසේම සමහර දෙමාපියන් සුළුකොට තැකුවද නිවැරදි අධ්‍යාපනයක් ලබා දෙන දරුවාගේ මූලික පදනම සකස්කරනු ලබන පෙරපාසලකට දරුවාව යොමු කරවීම දෙමාපියන් සතු විශාල වගකීමකි.
ස්තූතියි!!!
"සෙල්ලම් කරන්න, ඉගෙන ගන්න, දියුණු වෙන්න 🌟 Wonder Kids මව් සෙවනේ සැවොම එකට වැඩෙන්න"


Comments
Post a Comment